9 Mar 2026, 17:50 UTC≈2,520 views6 reactions1 Starread 1 October 2026 ඔයාගෙ ඔසප් චක්‍රයෙත් යම් අසාමාන්‍යතාවක් තියෙනව කියල හඳුනගත්තොත්, මොකක්ද කරන්න ඕනෙ?
ඔයාට දැනෙනව නං ඔයාගෙ ඔසප් චක්‍රයේ උඩදි කිව්ව විදිහෙ යම් අසාමාන්‍යතාවක් තියෙනව කියල, මුලින්ම ඔසප් වීම් පවතින කාලසීමා, එක් එක් ඔසප් වීමක් අතර පවතින දින ගණන්, රුධිර වහනයේ තත්වයන්, ඔසප් වීම් අතරතුර ශරීරයට දැනෙන වේදනාවන් සහ ඔයා යම් කිසි වෙනත් හේතුවකට ඖෂධයක් ලබාගන්නව නං ඒ ඖෂධයේ නම, බොන වෙලාවල් ආදිය සියල්ලම කොහේ හරි සටහන් කරගන්න.
ඊට පස්සෙ ස…
❤6
9 Mar 2026, 17:50 UTC≈2,010 views1 reactionsread 1 October 2026 ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා වලට හේතු මොනවද?
ඔසප් චක්‍රයක අසාමාන්‍යතාවට පුළුල් පරාසයක හේතු සාධක ගොඩක් බලපානව. මානසික ආතතිය වගේ දේවල් වල ඉඳල, බරපතල වෛද්‍ය තත්වයන් දක්වා මේ සාධක විහිදිලා තියෙනව.
ඔසප් අසමතුලිතතාවන්ට හේතුවන රෝගී තත්වයන්
ශරීරයේ තියෙන සමහර සෞඛ්‍ය තත්වයන්, ඔසප් චක්‍රයට සෘජුවම හෝ වක්‍රව හෝ බලපෑමක් එල්ල කරනව.
➢ එන්ඩොමෙට්‍රියෝසිස් - ගර්භාශයේ ඇතුලත බිත්තියේ (එන්ඩොමෙට්‍රියමේ) තියෙන පටක වලට සමාන පටක ගර්භාෂයෙන් එ…
❤1
9 Mar 2026, 17:50 UTC940 views4 reactionsread 1 October 2026 ඔසප් චක්‍රයේ අසමතුලිතතා
කාන්තා ශරීරයක ඔසප් වීමක් සාමාන්‍යයෙන් දින 4-7 ක කාලයක් පවතිනව. සහ දින 28කට වරක් පමණ මේ චක්‍රය සිදු වෙනව.
අක්‍රමවත් ඔසප් චක්‍රයකට උදාහරණ හැටියට, දින 21කට වඩා අඩු කාල පරාසයන් ඇතුව හෝ දින 35ට වඩා වැඩි කාල පරාසයන් ඇතුව සිදුවෙන ඔසප් වීම්, අඛණ්ඩව මාස 3කට වැඩි කාලයකදි ඔසප් නොවීම් සහ ඔසප් වීමේදී සැලකිය යුතු ලෙස රුධිර වහනය අඩු හෝ වැඩි වීම් ආදිය සලකන්න පුලුවන්.
අක්‍රමවත් ඔසප් චක්‍රයන් කියන්නෙ මොනාටද…
❤4
26 Jan 2026, 11:58 UTC≈1,340 views7 reactionsread 1 October 2026 දිගු කාලීන ශාරිරික අක්‍රීයතාව, මැදිවිය තුළ වැඩි මානසික ආතතික තත්වයන්ට සම්බන්ධය.
උතුරු ෆින්ලන්තයේ කණ්ඩායමක් විසින් කරපු පරීක්ෂණයකින් හෙලිවෙලා තියෙනව, ගොඩක් කාලයක් තිස්සෙ ශාරිරික ක්‍රියාකාරකමක නිරත නොවුන අයට මැදිවියේදි දැනෙන ආතති තත්වයන්, අනිත් අයට වඩා ඉහළ බව. ඒ වගේම විධිමත් ශාරිරික ක්‍රියාකාරකම් වල නිරත උන අය, පසුකාලීනව මැදිවියේදි අඩු මානසික ආතති තත්වයන් තුළ ජීවිතය ගෙවන බව.
මේක ඇත්තටම අලුතෙන් හොයාගත්ත දෙයක් නෙවෙයි. …
❤7
23 Sept 2025, 13:00 UTC≈1,740 views21 reactionsread 1 October 2026 ඊර්ෂ්‍යාව කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක කාලයත් සමග පරිණාමය උන විශේෂ මානව ලක්ෂණයක්.
අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්නෙ ඊර්ෂ්‍යාව කියන්නෙ අපේ මනසින් මුලිනුපුටා දාන්න ඕනෙ නරක හැඟීමක් කියලයි. ඒත් වත්මන් කාලයටත් ඒ ඉගැන්වීම වලංගුද?
මම හිතන්නෙ නෑ. ඊර්ෂ්‍යාව කියන්නෙ ආයුධයක්. වෙනත් ඕනෙම ආයුධයක් වගේ, පාවිච්චි කරන්නා අනුව ඊර්ෂ්‍යාවෙන් ලැබෙන වාසි හෝ අවාසි වෙනස් වෙනව. ඊර්ෂ්‍යාවෙන් අන්ධ වෙලා ජීවත් වීම නොදියුණුවට කරුණක්. ඒත් ඊර්ෂ්‍යාව …
💯15❤6
17 Sept 2025, 05:00 UTC≈1,290 views6 reactionsread 1 October 2026 කැරපොත්තොන්ට ඔලුව නැතුවත් සති ගණන් ජීවත් වෙන්න පුලුවන් කියන කතාව ඇත්තද? කොහොමද එහෙම වෙන්නෙ?
කැරපොත්තට ඔලුව නැතුව ජීවත් වෙන්න පුලුවන් උනේ කොහොමද කියල බලන්න කලින්, අපි හොයල ඉමු ඇයි මිනිස්සුන්ට ඔලුව නැතුව ජීවත් වෙන්න බැරි කියල.
අපේ ඔලුව ලෙෆ්ට් උනොත් අපිට BS වෙනවනෙ. ඒ ඇයි?
මිනිස් හිසක් ශරීරයෙන් වෙන් උන ගමන්, විශාල රුධිර වහනයක් වෙනව. එතකොට ශරීරයේ රුධිර පරිමාව අඩු වෙන නිසා රුධිර පීඩනයත් අධිකව අඩු වෙනව. ඒ නිසා, රුධිරය හ…
❤3👍1👏1🔥1
17 Sept 2025, 04:18 UTC807 views10 reactionsread 1 October 2026 කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලනකන්වත්, ආපහු ඔයා ගාවට එනකන්වත් බලන් ඉන්න එපා. ඒ දේවල් කවදාවත් වෙන්නැති බවත්, එහෙම උනේ නෑ කියල අවුලකුත් නැති බවත් තේරුම් ගන්න.
මොකද ඔයාගෙ ජීවිතය සහ ඔයාගෙ සතුට තීරණය වෙන්නෙ, කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලන එක මතවත්, කවුරු හරි ආපහු ඔයා ගාවට එන එක මතවත් නෙවෙයි.
ඔයාගෙ ජීවිතය සහ ඔයාගෙ සතුට තීරණය වෙන්නෙ ඔයා මතමයි. වෙන අයව ඒකට ගාවගන්න එපා.
- Antasha Durbin
#Saying
❤9🔥1
16 Sept 2025, 12:49 UTC768 views8 reactionsread 1 October 2026 හැමදේටම දක්ෂ වෙන එකත් එක අතකට හරි වදයක්...!
හිතන්න, ඔයාට පුලුවන් එක එක ක්ශේත්‍ර වල වැඩ ගොඩක් දේවල් කරන්න. ඔයා ඒව ගැන දන්නව. දැනුමක් තියෙනව. ඔයත් ආසයි අනිත් අයට විවිධ දේවල් වලදි උදව් කරන්න.
හැබැයි..!
ඔයාට සමහරවෙලාවට හිතිල ඇති, 'ඇයි මේ හැමෝම මගෙ මත්තෙම නැහෙන්න හදන්නෙ. එයාලට වෙන කවුරුත් නැද්ද ඒ වැඩේ කරගන්න. ඇයි මටම කරදර කරන්නෙ.' වගේ දේවල්.
අන්න ඒක තමයි බහුකාර්යශීලීත්වය සහිත ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත වලට බලපෑම් කරන ශා…
💯5❤3
16 Sept 2025, 05:52 UTC627 views14 reactionsread 1 October 2026 ඔයා,
🍃 ඔයාට රිද්දපු මිනිස්සුන්ගෙන් ඉවත් උනාම
🍃 ඔයාගෙ අතීත කම්පනයන් සුවපත් කරගත්තම
🍃 ඔයාගෙ ප්‍රශ්න ඔයාගෙම කරගෙන විසඳුම් හොයාගත්තම
🍃 ඔයාගෙ ගමන පාඩුවෙ ගියාම
🍃 ඔයාටම ආදරේ කරාම
ඔයාට අවශ්‍ය දේ ලැබෙන්න පටන් ගනිවී...
#Life_Tips
❤10❤🔥1💯1🤗1🥰1
16 Sept 2025, 04:53 UTC943 views3 reactionsread 1 October 2026 මොකක්ද මේ mRNA පදනම් කරගත් පිළිකා එන්නත් කියන්නෙ? මොකක්ද ඒකෙන් කරන්නෙ...?
පිළිකා සම්බන්ධව සවිස්තරාත්මක පෝස්ට් පෙළක් මෙම ලින්ක් එක ඔස්සේ ඔයාට කියවන්න පුලුවන්.
මුලින්ම බලමු මොනාද මේ mRNA කියන්නෙ කියල
අපේ සෛල ආකෘතියට අනුව, සෛලය තුළ තියෙනව න්‍යෂ්ඨිය කියල කොටසක්. මෙන්න මේ න්‍යෂ්ඨිය ඇතුළෙ තමයි ඔයාල හැමෝම දන්න DNA අන්තර්ගත වෙලා තියෙන්නෙ. DNA වලින් තමා අපේ සෛලීය මට්ටමේ ක්‍රියාවලි හැම එකක්ම පාලනය වෙන්නෙ
දැන් හිතන්න මෙහෙම.…
❤2🔥1
14 Sept 2025, 13:16 UTC931 views2 reactionsread 1 October 2026 #LearnBits_Q_A ට අදාළ ඔයාගෙ ප්‍රශ්නත්, පහත miniApp එක හරහා මට යොමු කරන්න. අනිත් බොට්ල වැඩ කරන්නෑ දැන්. මේ ක්‍රමයෙන් විතරක් එවන්න.
පළමු තීරුවට LearnBits කියල සඳහන් කරල, දෙවන තීරුවෙන් ඔයාගෙ ප්‍රශ්නය යොමු කරන්න.
MiniApp - t.me/DrgNoBot/Anonymous
👍2
13 Sept 2025, 05:19 UTC637 views10 reactionsread 1 October 2026 මොකක්ද මේ lobotomy කියන්නෙ?
Lobotomy කියන්නෙ 1930 වසරේදි විතර අධික ලෙස ප්‍රසිද්ධියට පත් උන, මොළයට කරන ශල්‍යකර්මයක්. මේකෙදි කරන්නෙ මොළයේ ඉදිරිපස කොටස වන ලලාට ඛණ්ඩිකාවත්, මොළයේ අනිත් කොටස් අතරත් පවතින සම්බන්ධය විසන්ධි කරන එක.
මොකක්ද මේ මොළයේ ඉදිරිපස කොටස කියන්නෙ?
මොළයේ ඉදිරි කොටස හෙවත් ලලාට ඛණ්ඩිකාව කියන්නෙ මොලයේ ගොඩක් ක්‍රියාකාරකම් වලට වැදගත් වෙන ශරීරාංගයක්. තීරණ ගැනීම, ගැටළු විසඳීම, භාෂා හැසිරවීම, ඉගෙනීම, අවධානය ස…
😱6💔3❤1
Showing the 12 most recent of 20 posts we hold for @LearnBits. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.