4 Aug 2026, 14:01 UTC34 views5 reactionsread 8 August 2026 Photo
මිනිස්සු ජීවිතේ ආසාවෙන් හිටිය දෙයක් ලැබුනම කොහොමද කියන ප්‍රශ්නේ මගෙන් අහන්න එපා ශානූ!,
එයා ඉස්සරහදි දිලිසෙන මගෙ ඇස් දැක්කම
ඔයාට වුනත් නිකන්ම හිතෙයි
ඒ හැඟීම කොයි තරං ලස්සනද කියලා!
ඔව් ශානු,
මන් කිව්වා වගේම
අනිත් කෙනා බාර ගත්තත් නැතත්
මනුස්සයෙක් ඉර හඳ ගෙනත් දෙන තරමේ ආදරයක් කරන්නේ
ඒ මනුස්සයගේ ජීවිතේටම
එකම එකපාරයි!
එතනින් එහාට සුරංගනා ලෝකෙන් ආවත්
ඒ මනුස්සයට දැනෙන්නෑ!,
අඩුම තරමේ බලන්නවත් හිතෙන්නෑ!
ඒ තරමට තමන්ට දැනුන හිතට …
❤5
4 Aug 2026, 06:44 UTC136 views6 reactionsread 8 August 2026 Photo
ඉර හඳ ගෙනත් දුන්නත්
සමහර හිත්වලට මදි
හේතු හොයනවා ඇවිලෙන්න!
ඒකට අපේ එක්කෙනාට!,
මන් හිනා වුනත් ඇති
මාස ගානකටම නිවෙන්න!❤️🩹
Sandagi❀♡࿐
#Sandagi
❤6
4 Aug 2026, 00:49 UTC43 views8 reactionsread 8 August 2026 Video
ප්‍රේමය යනු,
හුදු රැකවරණයක් පැතීම හා
අවදානයක් අපේක්ෂා කිරීමම නොව
මුලු ආත්මයන්ගෙන්ම බැඳෙන්නා වූ
උන්මත්තකයන් දෙදෙනෙකුගේ බැඳීමක් බව
එක්තරා ප්‍රේමනීය හදවතක් විසින්
මා හට තේරුම් කර දුණි!🌷
Sandagi❀♡࿐
#Sandagi
❤8
3 Aug 2026, 17:28 UTC48 views9 reactionsread 8 August 2026 Photo
ඒක,
කාලෙකට කලින්
මගේ වෙයි කියලා හරි ආසාවෙන් මන් බලන් ඉදිය ඇස් දෙකක්!
අද මගේ එහෑපැත්තේ ඉදන් මන් දිහාම හරි ආදරෙන් බලනවා!
ඒක,
මොන විදිහේ බාදක ආවත්
මාව අත් නොඇරපු අත් දෙකක්!
අද මගේ ලගින් ඉදන් මගේ අත් දෙකම අල්ලන් ඉන්නවා!
ඒක,
පොඩ්ඩක් මුරණ්ඩු වුනත්
වැඩි වෙලාවක් ආදරේ හංගන් ඉන්න බැරි හදවතක්!
අද මටම විතරක් ආදරේ කරනවා!
එයා,
ඒ දවස්වල මට හීනයක් කියලා හිතුනු කෙනෙක්!
දැන් මගේ වෙලා මගේ ලඟම ඉන්නවා!
දෙවියනේ කාලය කරපු හරියක්!
ඒදා වගේ…
❤9
3 Aug 2026, 15:31 UTC53 views7 reactionsread 8 August 2026 හම්මේ ළමයි.... මෙකෙ තාමත් සන්දගී කියලා කෙනෙක් හිටිය කියලා මතකවත් අය ඉන්නවද....?😓
❤7
2 May 2025, 19:07 UTC≈1,280 views26 reactionsread 8 August 2026 Photo
හිතට දුකක් දැනුනම ගැලරියට දුවන්න
එකම එක ෆොටෝ එකක් දිහා බලන්
වරු ගානක් අඩන්න
පැත්තක ඉන්න ටෙඩියෙක් අරන්
ඌ පැනලා දුවයි වගේ එච්චර තදට බදාගන්න
තනියම කතා කරන්න
හිනා වෙන්න
කේන්තිගන්න
කෑගහන්න
ඒ තරමටම එයාව හිතට වැදිලද?
ඉඳින් හිතවතුනි,
මේ ප්‍රේමය මෙතරම්ම සිහිවිකල්ද!?🙂❤️🩹🥀
සන්දගී....🎀🕊
😢12💔8❤5👍1
23 Apr 2025, 15:32 UTC≈1,130 views19 reactionsread 8 August 2026 මේ සිසිරය ඉතාමත් කටුකය!
හදවත රිදුම් නොදෙනා වෙලාවක් නැති තරම්ය!
නුඹේ උණුහුම ඕනාවටත් වඩා උවමනා තත්පර ගෙවෙන්නේ හෝරාවන් මෙන් ය!
නැවත කවදා හමුවේවිද යැයි දන්නේ
දෙවියන්ම පමණය!
බාදක පිට බාදක පැමිණියත්
ගංගාව නොනැවතෙන බව හැබෑවය!
එයින් එහි සුන්දරබව තවත් වැඩි වන බවද හැබෑවය!
නමුත් අපේ ජීවිත කෙලෙස හැඩ වේවිද හැඩි වේවිදැයි නොදන්නේය!
කෙසේ වෙතත්
මේ හිත නුඹ වෙනුවෙන් ලියවුනේ සදහටමය!❤️🩹
සන්දගී....🎀🕊
❤19
8 Apr 2025, 20:03 UTC≈1,160 views17 reactionsread 8 August 2026 Photo
පාරේ ඇවිදන් යද්දි හැම විට
දකින දකිනා හැම කැලෑ පඳුරකම
දකින එක එක මලක් ගානෙම
ඔබේ මුව මට මැවී පේනෙක
පුරුද්දට ගොස් වගෙයි දැන් මට
හරිම කරදරේ මලක් දැක්කම
දන්නවද ඔයා හරියට මේ ගැන
ඔයා තමයි මගේ පුංචි කැලෑ මල!
ඉතිනේ ළමයෝ
මේ මල් පොකුරම ඔයාට!🤭💐
සන්දගී....🎀🕊
❤17
2 Apr 2025, 16:05 UTC867 views15 reactionsread 8 August 2026 Photo
හිතක් රිදුණු තරමට දැනෙන ප්‍රේමය ප්‍රබලයි!
එක හිතක් වෙනුවෙන් නැහුණු හදවතකට
ඒ හිත සින්නක්කරේටම ලැබුණු දවසට
දැනෙන හැඟීම අහසක් තරම් බරයි!
ශානූ......,
එහෙව් හිතක් ඇතුලේ තෙරපෙන ප්‍රේමය අනන්තෙටත් එහාට යනකං දිගයි!
ඒ ප්‍රේමයට අයිතිවාසිකමක් කියන්න බැරි වුණොත්
ඒ හිත නිහඬ වෙන්නේ සදහටමයි!
මොකද,
මනුස්සයෙක් ඉර හඳ වුණත් ගෙනත් දෙන තරමේ ආදරයක් කරන්නේ
එකම එකපාරයි!❤️🩹
සන්දගී....🎀🕊
❤15
28 Mar 2025, 15:19 UTC721 views17 reactionsread 8 August 2026 Photo
ජීවිතේ හමුවන සමහරක් බැඳීම් නිර්වචනයකින් විස්තර කළ නොහැක!
වචනවලට පමණක්ම සීමා වූ ඇතැම් හුදු හැඳුනුම්කම් අබිබවා
ප්‍රේමය නැමැති මහා සාගරය තරණය කරන්නේ
වචනවල අර්ථයට එහා ගිය යමක් කරන්නා වූවන්ම පමණි!
එපමණකුදු නොව
ප්‍රේමය නමින් බොහෝ අය හමු වූවද
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්නා වූ ඒ ආත්මය
සෑම අයෙකුටම මුණගැසෙන්නේ
ජීවිතයේ එක් වරක්ම පමණි!
ඉදින් හිතවතුනි,
ඒ ආත්මය අභිමුවදී, ප්‍රේමයේ නාමයෙන්
රකින්න!
රැකෙන්න!
සන්දගී....🎀🕊
❤17
28 Mar 2025, 14:56 UTC562 views1 reactionsread 8 August 2026 https://t.me/sandagi_chat
අලුත් ගෘප් එකට ඇඩ් වෙන්න ළමයි.....😚💗
👏1
21 Mar 2025, 03:52 UTC654 views15 reactionsread 8 August 2026 Photo
ගිනි ගත් හදවත තුළ
කැකෑරෙන වේදනාව
කේන්තියක වේශයකින් එළිබැස්සූ විටෙක
සියල්ලන් දකින්නේ කේන්තියම පමණක් මිස
ඔවුන් වෙනුවෙන් අප හදවත කෙතරම් වදවනවාද යන්න
ඔවුන් නොදනී!🙂❤️🩹
සන්දගී....🎀🕊
❤15
Showing the 12 most recent of 20 posts we hold for @roa_love. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.