14 Sept 2026, 09:50 UTC170 views9 reactionsread 17 September 2026 මයිනස් අගයයන් අතරේ
ශූන්‍යය ද දියව යන මොහොතක,
නුඹ කියන ඒ ප්රාතිහාර්ය
අහස් තලයේ සිදුවුවත්
ගුරුත්වයෙන් මිදී වෙන්වුණු
ඒ රික්තකයේ අඳුරු කෙළවර,
නුඹත් සිටීවී, මාත් සිටීවී
තාරකාවක් වී දුරින්
නමුත්...
එකම කක්ෂයක කැරකුණත්
අපේ ආලෝක වර්ෂ පරතරය
අපව ආයෙත් එකතු කරයි
නැතිනම් ,
තවත් ධ්රැව දෙකකට
විසි කරයි
අහස්..
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤7👍2
Signed AelVi
14 Sept 2026, 01:35 UTC189 views8 reactionsread 17 September 2026 ඔයා මට
කවි ලිව්ව
කෙල්ලෙක්
එත් , මම
හැමදාම
කවියෙක්
#වෙද_පප්පා89
@kalakarayo
#කලාකාරයෝ
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤8
Signed ✞︎ වෙද පප්පා ✿︎
13 Sept 2026, 18:37 UTC179 views6 reactionsread 17 September 2026 නොකියාපු ආදරේ
වේදනා සහිතයි !
කියන්නට ආදරේ
කවියකුත් මාරයි !
#වෙද_පප්පා89
@kalakarayo
#කලාකාරයෝ
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
🥰4❤2
Signed ✞︎ වෙද පප්පා ✿︎
13 Sept 2026, 17:27 UTC181 views5 reactionsread 17 September 2026 තනිකම රජයන
මා හද මැදුරේ
තනි තරුව නුබයි
මා මන කලඹන
Akash
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤5
Signed 👀 Society
13 Sept 2026, 17:26 UTC181 views7 reactionsread 17 September 2026 _සමනල් තටු_♥️
රෝස සුවදින් හිත පුරෝගෙන
රොන් බිඳක් ගෙන
වෙලා තුටු
යන්න හැදුවට යන්නෙ කොහොමද සලා සිදුරුව
ගියපු තටු
එකම මලකින් සැනසිලා දැවටෙද්දි
නොදැකම මලේ නටු
අනේ සමනලියටත් අමතක වෙලා පුදුමයි
රෝස කටු
She_dush Error°🪼💙
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤7
Signed 👀 Society
11 Sept 2026, 18:59 UTC221 views8 reactionsread 17 September 2026 අප්‍රමාණ රික්තක මැද
ප්‍රතිශත අංශුවක මයිනස් අගයෙනුත් එහාට
ප්රාතිහාර්ය හෝ ආශ්චර්යය
සිදුවේවි අහස්
එහි
නුඹත් හිඳීවී
මාද හිඳීවී
නමුත්
අප
හිඳීවී දෝ සැකයි
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤8
Signed ヒル_ ラナツンハ
10 Sept 2026, 10:51 UTC284 views7 reactionsread 17 September 2026 ජීවිතය කරණ කොට
සංවේග මන්ත කර
කාංසාකෘත කසාය
සාංකාවේ උත්කෘෂ්ට පානය!
සිසිලසේ දැවෙමින්
උණුහුමේ මිදෙමින්
ගිලමි -
කඳුළු හා දොඩමි,
මධු රසේ බෘංග මද
යැයි සිතා පෙවෙමි
දනිමි, දැන දැනත් නොදැනගෙන උන්නෙමි
දනින්නට හගන්නෙමි
දකින්නට තතන්නෙමි
ඇසෙන්නට හරින්නිමි
මහන්සියි, නමුදු නොනවත්වමී
#Sa_Han
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤7
Signed 𝘄𝗮𝗪𝘂𝗹𝗮
10 Sept 2026, 10:26 UTC265 views6 reactionsread 17 September 2026 තරඟ කුමටද
ඔබේ හදෙහි තැන්වලට,
ආත්මයම මිරිකා
දිය කර හැරියෙමි
නුඹ මතම
Abhi
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤6
Signed AelVi
10 Sept 2026, 04:35 UTC262 views5 reactionsread 17 September 2026 Photo
නුඹට වැටහේවි නම් .
ගම්මානේ දොළ පාරේ සිලි සිලි හඬ නැඟෙනා
සිදාදියේ නළා හඬට කන් බිහිරි ව මැකුනා
වැවේ නිල්ල පිසදා එන මඳ නල ගත දවටා
ගිනි මොළවන අව්වෙ සැරට ආපස්සට හැරුණා
දිවට දැනෙන ඇඹුලේ රස නුඹේ අතින් පිසෙනා
තෙලට සැරට හැදූ බොජුන් මට තහනම් කෙරුවා
ළමා ළපටි දොඩනා බස් මා හට ළං වීලා
යකඩ කටක් මොර දීලා මේ අහපං කීවා
එදා උදේ කඩුල්ල ළඟ නුඹේ නළල සිපලා
ආවා නම් තමයි මොකද සිත සතුටක් නැතුවා
වැලි පොළොවේ වැතිරී ලා දෙපා නැමද සිටලා
" දෙවි …
❤5
Signed AelVi
10 Sept 2026, 01:23 UTC211 views3 reactionsread 17 September 2026 සුදු නෙළුම් අත දරා සඳක් මුණ ගැසුණා
ඒ නෙතින් මහ ගොඩක් ආදරේ දැනුණා
ලංවෙන්න හුරු බවක් නුඹේ ලඟ මැවුණා
ඒත් කිසිවක් නොකියා අපිම දුර ඇදුණා
........VS 💫
@kalakarayo
#කලාකාරයො
#Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
❤2🥰1
Signed AelVi
9 Sept 2026, 16:44 UTC224 views7 reactionsread 17 September 2026 Photo
අම්බරේ දිලෙන තාරුකා මල් 🌼
මෝරලා පෙති හැලී වැටෙනවා නම්
දෑත් අල්ලන් ඇහින්දෑකි ඒ
දිලිසෙන පර වුණු තාරුකා මල්
තණ පෙති අග දිලෙන පිනි බිඳුවක්
කැටි ගැසී මුතු මෙන් දිලෙනවා නම්
අවැසි නෑ ගෙලට මුතු පටක් මට
පලඳීවි ගෙල මත පිනි මුතු දම් 💦
අහස් තලයේ පායන දේදුන්නෙන් 🌈
පාට හත වෙන් කර ගත හැකි නම්
එකින් එක ඒ පාට අර ගෙන
අඳිනවා ලස්සන රූ සිතුවම්
හදවතේ ගොඩ ගැහුණු දේ දහසක්
ලේසියෙන් අද හෙට ඉටු වේවි නම්
ජීවිතය කෙතරම් සුන්දර වේවි ද
නැති වේවි…
❤7
Signed ✞︎ වෙද පප්පා ✿︎
9 Sept 2026, 14:35 UTC244 views4 reactionsread 17 September 2026 Photo
අහස සිඹි මේ පවුරුවල
මා දුටුවේ නුඹය
දුගඳ ගසන බේරෙන් පවා
හමන සුවඳ නුඹය
දූලි ගිල හමන සුළග සිඹ
මා විදින්නේ නුඹය
සෝඩියම් පැහැ එළි අතර
දුම්රියපොළෙන් බැස
පීලි පැන්න දෑස්
වේදිකා පුරා විසිරුවා
මා මේ සොයන්නේ,
හැව්ලොක් කාර්තුවට
සංක්‍රමණය කළ
පර්යටන නුඹය....................
- සුපිපි කාව්‍යා -
❤4
Signed AelVi
Showing the 12 most recent of 20 posts we hold for @kalakarayo. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.